Wayamba Applied sciences degree එක ඇතුලේ Electronics වලට තියන වැදගත්කම මොකද්ද?
රාජ්‍ය විශ්වවිද්‍යාලයක, ඉංජිනේරු පීඨයකට පසු ඉලෙක්ට්‍රොනික විද්‍යාව සඳහා Department එකක් පවත්වාගෙන යන, එකම Faculty එක තමයි වයඹ Applied Sciences කියන්නේ. ව්‍යවහාරික විද්‍යා පීඨයෙන්, වාර්ෂිකව ඉලෙක්ට්‍රොනික විද්‍යාව හැදෑරූ උපාධිදාරීන් 60 ක් පමණ ලාංකිය රැකියා වෙළෙඳ පොළට දායාද කරනවා.
සිව් අවුරුදු ඉලෙක්ට්‍රොනික විද්‍යා උපාධිය ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම්, මූලිකව උපාධි පාඨමාලා දෙකක් තියනවා. (තමන්ගේ කැමැත්ත මත සහ පළමු සමාසික 4 හි ප්‍රතිඵල මත, සිව් අවුරුදු උපාධි පාඨමාලාවන් සදහා ඇතුළත් කර ගැනීම සිදුවේ.)
1. B.Sc. (Special) Degree in Applied Electronics
2. B.Sc. (Joint Major)
උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රොනික විද්‍යාව, Joint Major Degree එකත් එක්ක, තෝරාගන්න කෙනෙකුට B.Sc.(Joint Major) in Electronics and Computing & Information Systems වගේ තවත් විෂයක් එක්ක කරන්න පුළුවන්.
මෙම උපාධි පාඨමාලා වල අන්තර්ගතය මොනවගේද?
B.Sc. (Special) Degree in Applied Electronics
3rd year – 3rd year එකේ තියන Semesters දෙක පුරාවටම තියෙන්නේ Compulsory subjects.
4th year – First semester එකත්, 3rd year එක වගේමයි. Compulsory subjects විතරයි.
Second Semester එකේ, Compulsory Subject එකක් තියනවා. ඊට අමතරව Credit ගණන Balance වෙන විදියට Optional Subjects කීපයක් තෝරාගන්න තියෙනවා. Research එකක් තියනවා අවසන් වසර පුරාවට කරන්න. ගොඩක් Interesting Subjects ටිකක් තමයි Special Degree ඒකෙදි කරන්න තියෙන්නෙ. මේ තියෙන්නෙ ඒකෙන් ටිකක්.
1. Polymer Electronics
2. Antenna Design
3. Embedded Systems
4. Microprocessor and Microcontroller Technology
5. Mechatronics
6. Power Electronics
7. Optoelectronics Devices and Fiber Communication Systems
8. Digital Signal Processing
B.Sc. (Joint Major)
3rd Year – 3rd Year එකේ semesters දෙක තුළ Compulsory වගේම Optional subjects තියනවා.
4th year – 4th Year එකෙ පළවෙනි Semester එක ගැන කියනවා නම්, Compulsory Modules වගේම Optional Modules තියනවා. මීට අමතරව Research Project එකක් කරන්න තියනවා. 4th Year Second Semester එක කියන්නේ කැම්පස් එකෙන් පිට ගත කරන කාලයක්. ඒ කියන්නේ Industrial Training එකක් තියෙන්නෙ. මේකෙදිත් අපි වැඩකරන ආයතනයට Project එකක් කරන්න වෙනවා.
Joint Major degree එකේදිත් අපිට වැදගත් වගේම Interesting subjects ටිකක් තියනවා. මේ තියෙන්නෙ ඒකෙන් කොටසක්,
1. Data Acquisition and Signal Processing
2. Microprocessor and Microcontroller Technology
3. Power Electronics
4. Optimization Techniques and Applications
5. Communication Theory and Systems
6. Optoelectronics Devices and Fiber Communication Systems
7. Programmable Logic Devices
8. Digital Electronics
B.Sc. (General)
B.Sc. (General) Degree එකත් එක්කත් ගොඩක් interesting වගේම වටින Subjects ටිකක් තියනවා කරන්න. මේ සඳහන් කරලා තියෙන්නෙ ඒ subjects වලින් කීපයක්.
1. Microprocessor and Microcontroller Technology
2. Power Electronics
3. Digital Electronics
Applied Sciences degree එක ඇතුලේ Electronics කියන විෂයට වැදගත් තැනක් හිමි වෙනවා. Electronics ගැඹුරට ඉගෙන ගන්න ආස කෙනෙක්ට Special Degree එකක් කරන්න පුලුවන් වගේම, තවත් විෂය පථයක් එක්ක උනත් Electronics හැදෑරිමේ පහසුව (Joint Major), Applied Sciences Degree එක ඇතුලේ තියනවා. ඒ වගේම අවුරුදු තුනෙන් out වෙන්න බලන් ඉන්න කෙනෙක්ටත් වටිනා Electronics දැනුමක් ලබාගන්න පුළුවන් විදියට තමයි මෙම පාඨමාලාව සකස් කරලා තියෙන්නෙ.
Electronics Society, Faculty of Applied Sciences, WUSL 2021.
