• Opening Time : 8:30 AM - 4:30 PM

Department of Mathematical Sciences

Wayamba Applied Sciences Degree එක ඇතුලේ Mathematics, Mathematical Modelling and Statistics වලට තියන වැදගත්කම මොකද්ද?

ව්‍යවහාරික විද්‍යා පීඨයෙන්, වාර්ෂිකව ගණිත විද්‍යාව හැදෑරූ උපාධිදාරීන් 100 ක් පමණ ලාංකීය රැකියා වෙළෙඳ පොළට දායාද කරනවා. සිව් අවුරුදු ගණිත විද්‍යා උපාධිය ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම්, මූලිකව උපාධි පාඨමාලා දෙකක් තියනවා.

(තමන්ගේ කැමැත්ත මත සහ පළමු සමාසික 4 හි ප්‍රතිඵල මත, සිව් අවුරුදු උපාධි පාඨමාලාවන් සදහා ඇතුළත් කර ගැනීම සිදුවේ.)

1. B.Sc. (Special) Degree in Mathematics with Statistics
2. B.Sc. (Joint Major)
3. B.Sc. (General)

උදාහරණයක් විදිහට Joint major Degree ගණිත විද්‍යාව එකත් එක්ක, තෝරාගන්න කෙනෙකුට B.Sc.(Joint Major) in Mathematics, Mathematical Modelling and Statistics and Computing & Information Systems වගේ තවත් විෂයක් එක්ක කරන්න පුළුවන්.

මෙම උපාධි පාඨමාලා වල අන්තර්ගතය මොනවගේද?

1. B.Sc. (Special) Degree in Mathematics with Statistics

3rd Year – 3rd year එකේ තියන semesters දෙක පුරාවටම තියෙන්නේ Compulsory subjects.
4th year – First Semester එකත්, 3rd Year එක වගේමයි. Compulsory Subjects විතරයි.

Second Semester එකේ, Compulsory subject එකක් තියනවා. ඊට අමතරව Credit ගණන Balance වෙන විදියට Optional Subjects කීපයක් තෝරාගන්න තියෙනවා. Research එකක් තියනවා අවසන් වසර පුරාවට කරන්න. ගොඩක් Interesting subjects ටිකක් තමයි special degree ඒකෙදි කරන්න තියෙන්නෙ. මේ තියෙන්නෙ ඒකෙන් ටිකක්.

1. Measure Theory
2. Complex Variables
3. Quality Control
4. Actuarial Mathematics
5. Partial Defferential Equations
6. Applied Number Theory

2. B.Sc. (Joint Major)

3rd Year – 3rd Year එකේ Semesters දෙක තුළ Compulsory වගේම Optional Subjects තියනවා.
4th Year – 4th Year එකෙ පළවෙනි Semester එක ගැන කියනවා නම්, Compulsory Modules වගේම Optional Modules තියනවා. මීට අමතරව Research Project එකක් කරන්න තියනවා.
4th year Second semester එක කියන්නේ කැම්පස් එකෙන් පිට ගත කරන කාලයක්. ඒ කියන්නේ Industrial Training එකක් තියෙන්නෙ. මේකෙදිත් අපි වැඩකරන ආයතනයට Project එකක් කරන්න වෙනවා.

Joint Major Degree එකේදිත් අපිට වැදගත් වගේම Interesting Subjects ටිකක් තියනවා. මේ තියෙන්නෙ ඒකෙන් කොටසක්,

1. Applied Number Theory
2. Advance Calculus
3. Mathematical Models
4. Discrete Mathematics
5. Data Analysis & Preparation of Statistical Reports
6. Statistical Techniques
7. Theory of interest
8. Mathematical Methods

3. B.Sc. (General)

B.Sc.(General) Degree එකත් එක්කත් ගොඩක් Interesting වගේම වටින Subjects ටිකක් තියනවා කරන්න. මේ සඳහන් කරලා තියෙන්නෙ ඒ subjects වලින් කීපයක්,

1. Time series Analysis
2. Statistical Inference
3. Mathematical Models
4. Mathematical Methods

Applied Sciences Degree එක ඇතුලේ Mathematics, Mathematical Modelling and Statistics කියන විෂයට වැදගත් තැනක් හිමි වෙනවා. Mathematics, Mathematical Modelling and Statistics ගැඹුරට ඉගෙන ගන්න ආස කෙනෙක්ට Special degree එකක් කරන්න පුලුවන් වගේම, තවත් විෂය පථයක් එක්ක උනත් Mathematics, Mathematical Modelling and Statistics හැදෑරිමේ පහසුව (Joint Major), Applied Sciences Degree එක ඇතුලේ තියනවා. ඒ වගේම අවුරුදු තුනෙන් Out වෙන්න බලන් ඉන්න කෙනෙක්ටත් වටිනා Mathematics, Mathematical Modelling and Statistics දැනුමක් ලබාගන්න පුළුවන් විදියට තමයි මෙම පාඨමාලාව සකස් කරලා තියෙන්නෙ.

Department of Mathematical Sciences, Faculty of Applied Sciences, WUSL 2021.