• Opening Time : 8:30 AM - 4:30 PM

සුභ නව වසරක් වේවා

උදා වූ 2023 නව වසර ඔබ සියලු දෙනාට සාමය, සතුට, නිරෝගීකම, සෞභාග්‍යය සපිරි සුභම සුභ නව වසරක් වේවායි ව්‍යවහාරික විද්‍යාර්ථයින් වන අප සැම ප්‍රාර්ථනා කරන්නෙමු.

ගෙවී ගිය වසර වසංගත පීඩා,ස්වභාවික විපත්, ආර්ථික අපහසුතා නිසාවෙන් බොහෝ අවස්ථාවන් අවාසනාවන්ත වූවත්, බොහෝ සිහින, අරමුණු බ්ඳ වැටීම් සහිත වූවත්, අතීතයෙන් ලද අත්දැකීම් සහිතව අට ලෝ දහමින් නොසැලී සියලු දෙනා සමඟ, ශක්තිමත්ව හා බුද්ධිමත්ව උදා වූ නව වසර, නැවුම් බලපොරොත්තු සාක්ෂාත් කරගැනීමේ අපේක්ෂාවෙන් උද්යෝගයෙන් පියනඟමු.

ගෙවී ගිය කාලයට වඩා උදා වන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් තමාගේ දියුණුව මෙන්ම සමාජයේ දියුණුවත්, අප උපන් ශ්‍රී ලංකා මාතාවගේ දියුණුවත් උදෙසා තම යුතුකම් හා වගකීම් නොපැකිලව ඉටු කරමු.

ඔබ සැමට සුභ නව වසරක් වේවා!!!

ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය-ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Leave a Reply