
වයඹ අහස යට 2015
දෙවන ප්‍රසංගය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය හා කලා අනුකමිටුව එකමුතුවෙන් උපකාර අවැසි සමාජයට වසත්කල කැඳවනු වස් ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල මව් නාමය දිවයින පුරා රැගෙන ගිය අරුමැසි සංධ්වනිය “වයඹ අහස යට” සංගීත ප්‍රසංගයේ දෙවන පියවරෙහි මතක ආවර්ජනය මෙලෙස ඔබ වෙත අවදි කරන්නෙමු.
“වයඹ අහස යට” සංගීත ප්‍රසංගයේ දෙවන අරුමැසි සංධ්වනිය 2015 අගෝස්තු මස 22 වන දින වයඹ සරසවි ශ්‍රවණාගාරයේදී ඉතා උත්සවශ්‍රීයෙන් කළ එළි දැක්වීය. මෙදින ප්‍රසංගය මනරම් සංගීතයෙන් පිනවීමට ප්‍රවීණ සංගීත ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක,ප්‍රවීණ ගායන ශිල්පී අතුල අධිකාරී සහ ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව යන මහත්ම මහත්මීන් ආරාධිත ගායන මඬුල්ල ලෙස අප හා එක්වූ අතර ඔවුන්ගේ සුමධුර ගායනයෙන් ප්‍රසංගය ඒකාලෝකවත් විය. ප්‍රසංගය සංගීතයෙන් සරසන්නට ප්‍රවීණ සංගීතවේදී විශාරද සුසිල් අමරසිංහ මහතා ප්‍රමුඛ වාද්‍ය කණ්ඩායම එක්වූ අතර සංගීත ප්‍රසංගයේ මෙහෙයවීමේ කටයුතු වසන්ත රෝහණ මහතා විසින් සිදු කරන ලදී. එසේම මෙදින ලංකාවේ නන් දෙසින් පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් වයඹ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරය පිරී ඉතිරී ගියහ.
“වයඹ අහස යට” සමාජ සත්කාරක අරමුදල යටතේ එක් පියවරක් සනිටුහන් කරමින් ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසර සිසුන් විසින් පිහිටක් අවැසි දරුවන් උදෙසා 2016 අප්‍රේල් මස 03 වන දින කුලියාපිටිය, දියකලමුල්ල ශ්‍රීපති ළමා නිවාසයේ සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය. එදින දිනය පුරා ඔවුන් තම කාලය කැප කරමින් එම දූ දරුවන් සමඟ එක්ව විවිධ විනෝදජනක අංගයන් පැවැත්වීම, ආහාර පාන ලබා දීම, ත්‍යාග ලබා දීම වැනි විවිධ ක්‍රියාකාරකම් රැසක නියලුණි.
“වයඹ අහස යට” සමාජ සත්කාරක අරමුදල යටතේ තවත් එක් පියවරක් ලෙස Zest වැඩසටහන මඟින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ගණිත සම්මන්ත්‍රණ මාලාවක් 2016 ඔක්තොම්බර් මස 10 සහ 11 දෙදින පුරා ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී අදියර දෙකක් ලෙස උඩුබද්දාව, බිංගිරිය, දහනැක්ගෙදර, පඬුවස්නුවර, කුලියාපිටිය බටහිර යන කොට්ඨාස වල සිසුන් 1500කට අධික ප්‍රමාණයකට මෙම සම්මන්ත්‍රණ මාලාව සිදු කරනු ලැබීය. පළමු අදියර යටතේ අස්වැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලය, ජේ.ආර්. ජයවර්ධන ජාතික පාසල, දහනැක්ගෙදර මහා විද්‍යාලය යන පාසල් වලද දෙවන අදියර යටතේදී පඬුවස්නුවර ජාතික පාසල, බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසල යන පාසල්වල ද පැවැත්වීය. ඊට අමතරව විශ්වවිද්‍යාලයේ සිව්වන වසර ශිෂ්‍යයින් විසින් අනෙක් සියලු වසර වල ශිෂ්‍යයින්ගේද දායකත්වය ඇතිව සිසුන් 100ක පමණ සහභාගිත්වයෙන් අත්තනකඩවල මහා විද්‍යාලයේදී එක් සම්මන්ත්‍රණයක් පැවැත්වීය.
“වයඹ අහස යට” සමාජ සත්කාරක වැඩසටහනේ සමාජ සත්කාරක සේවාවක් ලෙස “වයඹ සරසවි සහන යාත්‍රා” නමින් ගංවතුරෙන් සහ නාය යාමෙන් පීඩා විදින උපකාර අවැසි ජනතාව වෙනුවෙන් සහනාධාර ලබා දීමේ වැඩසටහනක් 2016 මැයි මස 26 වන දින මානෙල්වත්ත සිරිනන්ද විහාරස්ථානයේදී සිදු කරනු ලැබීය. එහිදී විහාරස්ථානය පිරිසිදු කිරීමට දායකත්වය ලබා දීම හා බොල්ලෑගල ගම්වාසීන්ට සහනාධාර ලබා දීම සිදු කෙරිණි.
2014 වසරේ සිට පුරා වසර පහක් පැවැත්වූ “වයඹ අහස යට” වැඩසටහන් මාලාව 2020 වසරේ සිට රට තුළ පවතින වසංගත තත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වුවද ඉතා මෑත කාලයේදීම නැවතත් ඔබ වෙතට වසන්තය කැන්දවන අරුමැසි සංධ්වනිය ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු.
~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Leave a Reply