
ශාන්ත බණ්ඩාර සහෝදරයා කොළඹ කෝට්ටේ ප‍්‍රදේශයේය. 1975 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුලත් විය. වීරසුරිය ඝාතනයත් සමඟ ප‍්‍රගතිශීලී ශිෂ්‍ය බලවේගයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වු ශාන්ත බණ්ඩාර සහෝදරයා විද්‍යා පීඨයේ සභාපති ද, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ද බවට පත්විය. එසේම ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරිකයකු විය. 1978 හාල් පොත් කැපීමටත්, ඒකාධිපති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත් එරෙහිව උද්ඝෝෂණය සම්බන්ධ සිදුවීමේ දී ශිෂ්‍ය භාවය අත්හිටුවන ලද අයගෙන් එක් අයෙක් වුයේ ශාන්ත බණ්ඩාර සහෝදරයාය. ඉන්පසුව පූර්ණකාලීනව ශිෂ්‍ය ව්‍යාපාරය තුළ වැඩ කටයුතු ඇරඹූ ඔහු 1978 හා 1979 වසර වල අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ද විය. 1980 වකවානුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන ලේකම් වගකීම පැවරුණේද ශාන්ත බණ්ඩාර සහෝදරයාටය. අධ්‍යාපන ධවල පත‍්‍රිකාවට එරෙහි අරගලයේ දී මාතරදි හා වැල්ලවායේදි අත් අඩංගුවට ගන්නා ලදී. තම මුළු මහත් ජිවිත කාලයම ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් කැප කළ ඔහු ඉතාම දක්‍ෂ සංවිධායෙකු ද, උද්ඝෝෂකයෙකු ද, කථිකයෙකු ද වු ඔහු විවිධ ක්‍ෂේත‍්‍රවල වැඩ කටයුතු කළේය.
1987 දී අඟුරුවාතොට පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබු අතර එදිනම කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන එනු ලැබුණි. එදින රාත‍්‍රියේ ඔහුගේ මුරට සිටි භටයින් දෙදෙනා සමඟ දිගටම කතාකරමින් සිට අතර රාත‍්‍රි ඔවුන්ට නින්ද ගිය පසු මාංචුව අතින් පන්නාගෙන (ඔහුගේ අත්වල තිබු විශේෂ ස්වභාවය නිසා මේ හැකියාව ලැබුණි) පැන යන ලදි. ඉන්පසුව 1986 හම්බන්තොට නාකුලූගමුවේදි යලිත් අත්අඩංගුවට ගනු ලැබු අතර මාස කිහිපයකට පසු යලිත් නිදහස් විය. නැවතත් ක‍්‍රියාකාරී දේශපාලනයේ නියලූනු අතර 88-89 දේශපේ‍්‍රමි අරගලයේ ඉදිරිපෙළ නියමුවෙක් විය.
1990 මුල කාලයේ රත්නපුර ප‍්‍රදේශයේදී රාජ්‍ය හමුදා මගින් අත් අඩංගුවට ගෙන මත්තේගොඩ කඳවුරට ගෙනවිත් ඝාතනය කර ඇත. අතිශයින්ම නිර්භීත සටන් නායකු වු ශාන්ත බණ්ඩාර සහෝදරයා මත්තේගොඩ කඳවුරේ රඳවා සිටියදී පවා විමුක්ති ගී ගයමින් සිටි බව එහි සිටි අනෙක් සහෝදරවරු පවසා තිබේ. නිසැක ලෙසම තමාව මරා දමන බව දැන සිටියත් ඒ පිලිබඳව කිසිදු බියක් පලකොට නැති අතර රඳවා සිටි අනෙකුත් අයටද උපරිම ධෛර්ය සපයා තිබේ. එහි අහම්බෙන් හමුවු අයකුට පවසා තිබුනේ නිදහස් වී ගියහොත් “කිසිවක් පාවා නොදී තමා මිය ගියබව තම සහෝදරවරුන්ට දැනුම් දෙන ලෙසය”.
~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Leave a Reply