• Opening Time : 8:30 AM - 4:30 PM

රෝහණ වීරසුරිය සහෝදරයා

1976 දක්වාම අන්තරේ නායකත්වය හිමිව තිබුයේ එවකට සමගි පෙරමුණු ආණ්ඩුවේ පාර්ශවකරුවකු වූ, කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය අංශය වූ ජාතික ශිෂ්‍ය සංගමය යටතට යි. මෙය තීරණාත්මක ලෙස ඔවුන්ගෙන් ගිලිහී යන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම සිසු ඝාතනයත් සමඟයි. 1976 නොවැම්බර් මස 12 වනදා පේරාදෙණිය සරසවියේ රෝහණ වීරසූරිය සිසුවා මෙසේ පොලිස් වෙඩි පහරකින් මිය යන්නේ මණ්ඩපාධිපති පි.ඩබ්. විතානගේට එරෙහිව පැන නැගී සිසු-සේවක සටනක් අතරතුරදී ය. සිසු-සේවක සටන නිසා විතානගේ විසින් සරසවිය වසා දැමීමට තීරණය කළ අතර සිසුන් සරසවියෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන ලදී. විතානගේ ගෙනගිය අදූරදර්ශි ක්‍රියාකලාපය අනුව මෙම සටන ක්‍රියාත්මක විය.සරසවි වත්තේ අඹ ගෙඩියක් කැඩීම පවා බරපතළ වරදක් වූ අතර එවැනි අවස්ථාවකදී සේවකයකුට දඩ ගැසීමක් පවා සිදු විය.තවද සේවකයන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කිරීමත් ද සිදු විය.ඒත් සමඟම සේවක අරගලය පටන් ගත් අතර එයට සිසුන් ද සහාය දක්වන ලදී. සිසු සේවක අරගලය පැන නැගීමත් සමග විතානගේ සරසවිය වසා දමන ලදී.

තව දවසක් සිසුවියන්ගේ නේවාසිකාගාර වල නේවාසිකාගාර පහසුකම් නොමැති සිසුවියන් නේවාසිකාගාරවල සහයෝගයෙන් රැදී සිටීම ඇල්ලීම සදහා රාත්‍රි 2 ට පමණ සරසවි ආරක්ෂක අංශය මැදිහත් කරන ලදි.අලුයම 2ට පමණ එවැනි දූශිත ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව සියලු සිසු සිසුවියන් පෙළගැසිණි.තව දුරටත් අරගලය තීව්‍ර විය.

1976 නොවැම්බර් 11 වනදා රාත්‍රියේ සිසුන් විසින් සෙනෙට් ශාලාව වටකර,දූශිත ක්‍රියාකලාපයන්ගෙන් පිරුණු මණ්ඩපාධිපති විතානගේ කොටුකර ගන්නා ලදී. පසුදා පහන් වන තුරු සිසුන් සටන් පාඨ කියමින් එතැන රැඳී සිටියහ.පසුදා සිසුන් කණ්ඩායම් උදැසන 6 -6.30 ට පමණ හුවමාරු වන අවස්ථාවේ දී පොලීසිය සෙනෙට් සභාව තුළට ඇතුළු වීමට උත්සාහ කරන ලදී.එහෙත් සිසුන් එයට වීරෝධය පළ කරන ලදී.පොලීසිය විසින් සිසුන් ට ප්‍රහාර එල්ල කරන ලදී.එම අවස්ථාවේ ආපනශාලාව තුළ කහට කෝප්පයක් සීනි අහුරක් සමග පානය කරමින් සිටි වීරසූරිය සොයුරු ඇතිවූ කෝලාහලය දෙසට දිව යන්නට වූයේ තම සහෝදර සහෝදරියන් ට කරදරයක් වේ යැයි සැකයෙන්ය.ඒත් සමඟම පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් රෝහණ වීරසූරිය සිසුවා එතැනම අවසන් හුස්ම හෙළීය.ඔහුගේ රුධිරය සරසවි බිම ලෙයින් නැහැවූයේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ පළමු සිසු ඝාතනය ලෙසයි.

~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Leave a Reply