• Opening Time : 8:30 AM - 4:30 PM

Author: FAS Union

සංවේගයෙන් දැනුම්දීමයි!

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ඉසුරු ඩිල්ෂාන් (වින්නා) සහෝදරයාගේ පියාගේ හදිසි වියෝව පිළිබඳව ව්‍යවහාරික විද්‍යා පීඨයේ සියලු ශිෂ්‍ය සහෝදරත්වයේ සාතිශය සංවේගය… ~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

තුන්වන වසර සහ දෙවන වසර දෙවන සමාසික අවසන් විභාගය

2019/20 අධ්‍යයන වර්ෂ විභාග මාලාවේ පස්වන අදියර ලෙස අද (21.11.2022) දින සිට ආරම්භ වන තුන්වන වසර සහ දෙවන වසර දෙවන සමාසික අවසන් විභාගය සඳහා පෙනී සිටින සියලුම සහෝදරත්වයට ඉතා සාර්ථකව විභාගයට මුහුණදීමට උණුසුම් සුභපැතුම් එක්කරන්නෙමු!!! ~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Applied Cup 2022

ව්‍යවහාරික විද්‍යා පීඨ 18 වන ශිෂ්‍ය සහෝදරත්වය (FAS 18) හා ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ “ Applied Cup 2022 ” සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය 2022 නොවැම්බර් මස 13 වන ඉරිදා දින උදෑසන 8.00 සිට විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය , ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය හා ව්‍යවහාරික විද්‍යා පීඨය නියෝජනය […]

වයඹ අහස යට මතක ආවර්ජන – 04

වයඹ අහස යට – 2016තෙවන ප්‍රසංගය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය හා කලා අනුකමිටුව එකමුතුවෙන් උපකාරය අවැසි දරුවන් උදෙසා ගොඩනගන ලද “වයඹ අහස යට” සමාජ සත්කාර අරමුදල වෙනුවෙන් ආරම්භ කළ, වසත්කල කැන්දන අරුමැසි සංධ්වනිය “වයඹ අහස යට” සංගීත ප්‍රසංගයේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය නාමය බැබලවූ එක් සාර්ථක නිමාවක තෙවන පියවරෙහි සොඳුරු […]

වයඹ අහස යට

දිගු නිහැඬියාවක් නිමා කරමින්, වසත්කල කැන්දන, අරුමැසි සංධ්වනිය “වයඹ අහස යට” සංගීත ප්‍රසංගය නැවතත් ඔබ හමුවට පැමිණෙන වගයි… 2014 දී ඇරඹි වයඹ අහස යට සංගීත ප්‍රසංගය 2019 වසරෙන් පසුව රටේ පැවති අයහපත් තත්ත්වය නිසා නොපැවැත්වුනද, දිගු විරාමයකින් අනතුරුව “වයඹ අහස යට 2022” නැවතත් ඔබ හමුවට රැගෙන එන්නට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යාපීඨයේ අප සූදානම්.. […]

වයඹ අහස යට මතක ආවර්ජන – 03

වයඹ අහස යට 2015දෙවන ප්‍රසංගය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය හා කලා අනුකමිටුව එකමුතුවෙන් උපකාර අවැසි සමාජයට වසත්කල කැඳවනු වස් ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල මව් නාමය දිවයින පුරා රැගෙන ගිය අරුමැසි සංධ්වනිය “වයඹ අහස යට” සංගීත ප්‍රසංගයේ දෙවන පියවරෙහි මතක ආවර්ජනය මෙලෙස ඔබ වෙත අවදි කරන්නෙමු. “වයඹ අහස යට” […]

හෙට දින ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය

මෙවර අ.පො.ස. සා/පෙළ විභාගය සඳහා මුහුණ දීමට බලා සිටින නංගියේ මල්ලියේ, ලොවම මුහුණ දී සිටින දරුණු වසංගත තත්වයක් යටතේ මෙවර විභාගය සඳහා මුහුණ දීමේ අභියෝගයද ඇතිව තම ජීවිතයේ වැදගත් කඩඉමක් වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතා ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු.. ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය-Zest අනුකමිටුව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

අ.පො.ස (සා/පෙළ) උපකාරක සම්මන්ත්‍රණ මාලාව 2020

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේහි පළමු සම්මන්ත්‍රණය 2020/10/02 දින කුරුණෑගල ශ්‍රි නිශ්ශංක මහා විද්‍යාලයේදී සාර්ථකව සිදු කරන ලදි.